Health
මළ බද්ධය හැදුණොත්?
ප්රශ්නය - අද අප ඔබ සමඟ සාකච්ඡා කරන්නට අදහස් කරන්නේ මනුෂ්‍ය වර්ගයා මෙලොව පහළ වූ දවසේ පටන්ම තිබෙන රෝගයක් වන මළ බද්ධය ගැනයිග ලොව පහළවන මනුෂ්‍යයන් අතුරින් 99්‍ර ක් ම ජීවිතයේ කවර හෝ අවස්ථාවක මළ බද්ධ තත්ත්වයට මුහුණ දී තිබෙනවාග
විශේෂඥ වෛද්‍ය ඒග ඒග ඡේග පුෂ්පකුමාර - මළ බද්ධය කියන්නේ රෝගයක් නොව රෝග ලක්ෂණයක්ග ආයුර්වේදය කියන්නේ වාතය දෝෂ සහගත වීම නිසා මළ බද්ධය හටගන්නා බවයිග එනම් ශරීරයේ සියලු චලනයන් සහ බැහැර කිරීම් පාලනය කරන්නේ වාතය බවට වැටහීමක් ආයුර්වේදය තුළ තිබෙනවාග වෙනතක් තබා ස්නායු පද්ධතිය පවා පාලනය කරන්නේ වාතය මගිනුයිග ඒ නිසා වාත දෝෂය කුපිත කරන විඩාවල ආතතියල සංචරනයල විජලනයල සීත සුළංල මහන්සිය වියළි අධික ශීත හෝ රළු ආහාර මගින් මළ බද්ධය හට ගන්නා බව තමයි පිළිගැනීමග
දැන් අපි බලමු මේ ගැන තිබෙන බටහිර වෛද්‍ය විද්‍යාත්මක මතය කුමක්ද කියලාග එම මතයට අනුව කෙඳි සහිත ආහාර ද්‍රව්‍ය ඌණතාවල ප්‍රමාණවත් තරම් ජලය උදරයට නොලැබීමල තම තමන්ගේ පෞද්ගලික චර්යාව යන කරුණු තමයි මළ බද්ධයට හේතුවග සමහර විට ආහාර පාලනය නිසාත් මළ බද්ධය හටගත හැකි බවට පිළිගන්නවාග එසේම සමහර ඖෂධ වර්ග දිගින් දිගටම පරිහරණය කිරීම නිසාත් උග්‍ර වකුගඩු ආබාධ නිසාත්ල දියවැඩියාව සහ ෆයිබ්‍රොයිඩ් තත්ත්වයන් නිසාත්ල ස්නායු රෝග නිසාත්ල මානසික හේතු නිසාත් මළ බද්ධය ඇතිවන බවයි නව්‍ය විද්‍යාත්මක පිළිගැනීමග
ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ බඩ වේලීම පමණක්දරෑ
විශේෂඥ වෛද්‍ය ඒ ඒග ඡේග පුෂ්පකුමාර - සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය නිර්වචනයට අනුව කිසියම් කෙනෙකු සතියකට වාර 3 කට අඩු ප්‍රමාණයන් මළ පහ කරනවා නම් ඔහු මළ බද්ධ රෝගියකු ලෙස හඳුන්වනවාග බඩවැල්වල චලනය හෙවත් ක්‍රියාකාරීත්වය තද ගතියකින් යුක්ත වීමල මළ පිට කිරීම සඳහා දීර්ඝ වේලාවල් ගත කළ යුතු වීමල මළ බෙහෙවින් ඝන වීමල බඩවැල්වල තද ගතියට අමතරව වේදනා දීමල උදරය රිදීමල උදරය පිපීමල මළ පහ කරන සෑම වාරයක් පාසාම එය නිසි ලෙස සිදු නොවූ බවත් හැඟී යැම යන කාරණා සෙසු ලක්ෂණ ලෙස ගත හැකියිග
ප්රශ්නය - ඔබ කියනවා ආයුර්වේදයේ හැටියට මළ බද්ධය හට ගන්නේ වාතය කුපිත වීමෙන් කියලාග එසේ නම් කෙඳි සහිත අමු එළවළුවලින් සාදන ලද සලාද වර්ග මළ බද්ධ රෝගීන්ට කෙතරම් දුරට ගැලපෙනවාදරෑ
විශේෂඥ වෛද්‍ය ඒග ඒග ඡේග පුෂ්පකුමාර - වාත දෝෂ බහුල අයට එවැනි අමු සලාද ගැලපෙන්නේ නැහැග අමු එළවළු එක් පැත්තකින් සීතලයිග අනික් අතින් :නොපිසින ලද නිසා- රළුයිග සීතල සහ රළු ගුණය කියන්නේ වාතය අසමතුලිත කරන ප්‍රධාන කාරණා දෙකක්ග මේ නිසා මළ බද්ධයට ප්‍රධාන හේතුව වාත දෝෂය වන පුද්ගලයා අමු එළවළු අනුභවයෙන් වැළකිය යුතුයිග මෙවැනි රෝගීන් ආහාරයට ගත යුත්තේ උණුසුම්ල තෙතමනය සහිත මධ්‍යස්ථ තෙල් සංයුතියකින් යුතු ප්‍රෝටීන් සහිත ආහාර වර්ගයිග පිසින ලද රාබුවැනි එළවළු වාත දෝෂය මුල් කරගත් මළබද්ධ රෝගීන්ට ඉතා හොඳින් ගැලපෙනවාග
ලබන සතියේ මළ බද්ධයට තිබෙන ප්‍රතිකාර ගැන කතා කරමුග
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks